News Line| Off Air
Generic placeholder image

Sep
29

සාම සාධක මෙහෙයුම් වල ශ‍්‍රී ලංකා භට පිරිස් සියයට 25 කින් අඩු කෙරේ

524 Views


සාම සාධක මෙහෙයුම් වල ශ‍්‍රී ලංකා භට පිරිස් සියයට 25 කින් අඩු කෙරේ

ජගත් සාම සාධක මෙහෙයුම් වල නිරත ශ‍්‍රී ලංකා භට පිරිස් වලින් සියයට 25 ක් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිලිබද වැඩබලන ලේකම් ජෝන් පියරේ විසින් නිව්යෝර්ක් නුවරදී විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට මේ බව දැනුම් දුන් බවයි.
අදාළ සෙබලූන් පිරිස දැනට ලෙබනනයේ සේවයේ නිරත වන අතර ඔවුන්ගේ සේවා කාලය නිමවීමෙන් පසු නැවත දිවයිනට එවනු ඇති.
අතවශ්‍ය නොවන රාජකාරී සදහා අනියුක්ත කර ඇති ශ‍්‍රී ලාංකික සාම සාධක සෙබලූන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේ ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමත් සමගයි.
යුධ සමයේදී සිදු වී ඇතැයි පැවසෙන ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ
කෙසේවෙතත් අදාළ චෝදනා අසත්‍ය බවත් දේශීය පරීක්ෂණවලදී එම චෝදනා ඔප්පු වී නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කළා.
මේ අතර රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
යුධ හමුදාපතිවරයා මේ බව සදහන් කලේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


News Articles
Latest Videos
Most Popular Post