ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරනු ලබන දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් විශ‍්‍රාමික නිලධාරීන්ගේ සේවය අද සිට ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.
දින ගණනාවක් පුරා පවතින මෙම වර්ජනය නිසාවෙන් මගින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. වර්ජනය පැවතියද අද දුම්රිය 10 අධික ප්‍රමාණයක් ධාවනයට එක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. කෙසේ වෙතත් පවතින තදබදය නිසාවෙන් බොහෝ මගින් අපහසුතාවයට පත්ව තිබෙනවා.