රුපියල් කෝටි දෙකක් පමණ වටිනා දේපළක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නා ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මීට අදාළ නඩුව මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්. විදානගමගේ හමුවේ අද කැදවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කර ඇති අතර කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ජේ.ඒ. අනුර මහේන්ද්‍ර විසින් ඔහුට අයත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පවතින දේපළක් මන්ත්‍රීවරයා විසින් සාවද්‍ය ලෙස පරිහරණය කරන බවට මෙලෙස නඩු පවරා තිබුණා.