හබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා ප්‍රකාශ කළා.
හබරණ ප්‍රදේශයේ වනඅලින් මිය යෑම සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යෑම සහ එහි පරීක්ෂණ තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරවීම මෙන්ම රටේ අලි මිනිස් ගැටුම සීමා කිරීම සඳහා විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ඔහු සදහන් කළා.
විශේෂයෙන් මෙම ව්‍යසනය සිදුව තිබෙන අවස්ථාවක වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සිට කිසිදු නිලධාරිවරයෙකු රජය දැනුවත් නොකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.