News Line| Off Air
Generic placeholder image

Sep
30

ඇමති බන්දුල පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

921 Views


ඇමති බන්දුල පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

තමාට එරෙහිව දේශපාලනික වශයෙන් ගොනුකර ඇති චෝදනාවක විමර්ශන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

අද (30) දහවල් මන්ත්‍රිවරයා එම කොට්ඨාශය වෙත පැමිණ ඇති අතර එහිදී එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමාට එම විමර්ශන පිළිබඳ පූර්ණ වාර්තාවක් ලිඛිතව ලබාදෙන බවට දැනුම් දුන් බව මන්ත්‍රිවරයා සඳහන් කළා.

පසුගිය ආණ්ඩු සමයේ තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු විසින් පොලිස් අපරාධ විමර්ශන ඒකකයට මෙම චෝදනාව සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post