අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දේවස්ථාන හා විහාරස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.
ඒ අනුව මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.
මේ පිලිබදව ජනපති වරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් සියලුම තරාතිරම්වල සියලුම පොලිස් නිලධාරින්ට මේ පිලිබදව දැනුවත් කර ගත යුතු ආරක්ෂක වැඩ පිළිවෙලවල් පිලිබදව අවධානය යොමු කර තිබෙන බව වාර්තා වෙනවා.