මැතිවරණ කාල සිමාවේ මැතිවරණ නීති ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනි නාලිකා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය නියාමන කටයුතු සිදු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී තිබෙනවා.
ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාලිකාවල විකාශනය කෙරෙන ප්‍රවෘත්ති වැඩසටහන් හා වෙනත් විශේෂාංග හේතුවෙන් ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට පත් කිරීමට වැඩි අවස්ථා තිබෙන හෙයින් මැතිවරණ කොමිසම එම උපදෙස් ලබා දී තිබෙනවා.