News Line| Off Air
Generic placeholder image

Oct
1

අනුරත් ජනපතිවරණයට ඇප වෙයි

548 Views


අනුරත් ජනපතිවරණයට ඇප වෙයි

ජාතික ජනබල ව්‍යාපාරය විසින් අද (01) දින පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත් ,මහාචාර්ය චන්දන අබේරත්න, නීතීඥ සුනිල් වටගල , නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර, මහින්ද රත්නායක, මහාචාර්ය වසන්තා සුභසිංහ, නජා මොහොමඩ් (ණ්Fඝ්ඝ්), පා.ම. බිමල් රත්නායක, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගීවුණා.


News Articles
Latest Videos
Most Popular Post