මාර්තු 12 ව්‍යාපාරය සහ පැෆරල් ආයතනය එක්ව සංවිධානය කරන ඉදිරි ජනාධිපතිවරණයේදී තරගවදින ප‍්‍රධාන අපේක්‍ෂකයින් එක තැනකට ගෙන්වා රට ගොඩනැගීම පිළිබදව ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සහ සැලසුම් පිළිබද සාකච්ඡාවක් ඔක්තොම්බර් මස 05 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේඛම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
අනෙකුත් අපේක්‍ෂකයන්ගේ පැමිණීම මෙතෙක් තහවුරු කර නැහැ.