News Line| Off Air
Generic placeholder image

Oct
2

පරිපාලන නිලධාරීන්ට 15 000 ක පොදු දීමනාවක්

1515 Views


පරිපාලන නිලධාරීන්ට 15 000 ක පොදු දීමනාවක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15 000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සදහා පරිපාලන රාජ්‍ය ආමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගියදා පරිපාලන නිලධාරින්ද වෘත්තීය ක්‍රියාවලට මෙම වැටුප් විෂමතා මුල් කරගෙන යෙදුනු අතර ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පත් කරන ලද ඇමති අනු කමිටුව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය සමග කතිකා කිරීමෙන් අනතුරුව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා.


News Articles
Latest Videos
Most Popular Post