News Line| Off Air
Generic placeholder image

Oct
2

මෙම වසරේ මුල් මාස 09 ඇතුලත සද්දන්තයින් 293 කට ජීවිත අහිමි වෙයි

678 Views


මෙම වසරේ මුල් මාස 09 ඇතුලත සද්දන්තයින් 293 කට ජීවිත අහිමි වෙයි

අලි මිනිස් ගැටුම ඇතුළුව විවිධ කි‍්‍රයාකාරකම් හේතුවෙන් වන අලි 293 දෙනෙකු වසරේ මුල් මාස නවය තුළ මිය ගොස් ඇතැයි වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී සූරියබණ්ඩාර මහතා පැවසුවා.

වෙඩි තැබීම්, හක්ක පටස්, විදුලි සැර වැද්දවීම්, දුම්රියේ ගැටීම් ආදී සිද්ධි හේතුවෙන් මෙම අලි මිය ගොස් ඇතැයි ද වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළා.

සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර වසරේ මේ දක්වා කාලය තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 93 දෙනෙකු මියගොස් ඇති බවත් ඔහු කියා සිටියා.

2011 වසරේදී වන අලි සංගණනයක් අවසන් වරට සිදුකළ බව පැවසූ ඒ මහතා එහිදී වන අලින් 5876 ක් වාර්තා වූ බව සදහන් කළා.

සංචාරක සංවර්ධන, වනජීවි හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ උපදෙස් මත අදාළ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධ කරගනිමින් අලි මිනිස් ගැටලු අවම කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post