නාවික හමුදාව විසින් අද (02) අළුයම චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 550 ක් හා හක් බෙල්ලන් 04 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානය විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති බව සදහන්.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ අනෙකුත් ධිවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර මෙම පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 34 ත් අතර වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්.
මේ පිලිබද ඉදිරි පරීක්‍ෂණ සඳහා යාපනය, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.