News Line| Off Air
Generic placeholder image

Oct
3

එජාපයේ මහ සමුළුව අද

589 Views


එජාපයේ මහ සමුළුව අද

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී අද උදෑසන 9.00 ට ආරම්භවීමට නියමිතයි. සම්මේලනය පැවැත්වෙන්නේ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත කර ගැනීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ් සියලූ පක්ෂ නායකයින් සම්මේලනයට සහභාගීවනු ඇති.
සුගතදාස ගාහස්ථ ක‍්‍රී‍්‍රිඩාංගනයට ඇතුළු කර ගත හැකි වන පරිදි උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියලූම ආසන නියෝජනය වන ලෙස සීමා සහිත පක්ෂ සාමාජික පිරිසක් සම්මේලනයට සහභාගි කරවා ගැනීමට සැලසුම්කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම සිදු කෙරුණේ පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීයි.


News Articles
Latest Videos
Most Popular Post