News Line| Off Air
Generic placeholder image

Oct
3

08වන දිනටත් අද දුම්රිය වර්ජනයේ

499 Views


08වන දිනටත් අද දුම්රිය වර්ජනයේ

සිය ඉල්ලීම් හිමිවන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩ ක‍්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ සිය ගැටලූ සදහා නිසි විසදුමක් ලබාදීමට රජය අපොහොසත්ව ඇති බවයි.
වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා.
නොදන්වා සේවයට නොපැමිණෙන සියලූ සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ
දුම්රිය රියදුරන් ,නියාමකවරුන් ,පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද වර්ජනයේ නිරත වන්නේ 08 වන දිනටයි.
මගීන් ලක්වන අපහසුතා සලකා බලා අද සිට සිය ඉංජනේරුවන් යොදවා දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි දුම්රිය ඉංජිනේරු සංගමය කියා සිටියේ
මේ අතර වැටුප් ඇතුලූ ඉල්ලී්ම් කිහිපයක් මුල් කරගනිමින් ගනු ලබන වෘත්තීය ක‍්‍රියාමාර්ග පිලිබද සාකච්ඡුා කිරීමට රජයෙය් වෛඉ නිළධාරීන්ගේ සංගමයේ විධායක කාරක සභා රැුස්වීමක් අද කැදවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් සංගමය සදහන් කළේ වෛඉවරුන් සදහා අනුමත දීමනා ලබා නොදී සෙසු ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ දීමනා පමණක් රජය විසින් ඉහළ නංවා ඇති බවයි.
සිය ගැටලූ සම්බන්ධයෙන් වසර ගණනක් පුරා ජනාධිපතිතුමා ඇතුලූ අදාළ පාර්ශව ගණනාවක් දැන්වත් කිරීමට රජයේ වෛඉ නිළධාරීන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් අනුමත වී ඇති වෛඉවරුන්ගේ ඩැට් දීමනාව රුපියල් 70 දහසක් දක්වා ඉහළ නැංවිම මුදල් අමාත්‍යංශය මෙතෙක් ක‍්‍රියාත්මක කර නොමැති බවයි රජයේ වෛඉ නිළධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
රජයේ වෛඉ නිළධාරීන්ගේ සංගමය සදහන් කළේ මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි
මේ අතර ලබන 07 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ සියලූ පාසල් වල ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බවයි ලංකා ගුරු සංගමය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post