ශ්‍රී ලංකාවට අලූතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාරදෙනු ලැබුවා.
ජනාධිපති මන්දිරයේදී ඔවුන් අක්තපත්‍ර භාරදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
බෙල්ජියම, පෘතුගාලය, බල්ගේරියාව, අයර්ලන්තය, වෙනිසියුලාව, ඉතියෝපියාව සහ චිලී ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර භාරදී ඇති බව සදහන්.