News Line| Off Air
Generic placeholder image

Oct
3

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සී.සී.ටී.වී කැමරා

1969 Views


ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල සී.සී.ටී.වී කැමරා

ඉතිහාසයේ ප්‍රථම වරට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවල ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසුවා.

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩි කර පෙන්වාදීම ඇතුළු මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට කිසිවකුට ඉඩ නොමැති බව යනුවෙන්ද ඒ මහතා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

මෙම මැතිවරණයේදී නීති උල්ලංඝනය කර හෝ ජයග‍්‍රහණය කිරීමට කිසියම් අපේක්‍ෂකයකු ආධාරකරුවන්, දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් උත්සාහ ගන්නේ නම් එම වංචා වලක්වා ගැනීම සඳහා මෙලෙසින් ඡන්ද ගණන් ගන්නා මධ්‍යස්ථානවලට දැඩි පොලිස් රැකවරණය මෙන්ම ආරක්‍ෂක කැමරා පද්ධති කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post