දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ගැසට් නිවේදනයට ඊයේ පස්වරුවේ අත්සන් තැබුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්.
කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති පසුගිය 25 වනදා මෙම වර්ජනය ආරම්භ කළා.
ඔවුන් සදහන් කලේ සිය ශ්‍රේණි සහ වැටුප් විෂමතා සදහා විසදුම් ලබාදෙමින් 2018 වසරේ සම්මත කළ කැබිනට් පත‍්‍රිකාව වහා ක‍්‍රියාත්මක කරන ලෙසයි.
කෙසේවෙතත් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවය අතහැරගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ නොදන්වා සේවයට නොපැමිණෙන සියලූ සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බවයි.
මේ අතර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඊයේ සිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන සෑම දුම්රියකම ආරක්ෂාව සදහා පොලස් නිළධාරීන් යොදවා ඇති පොලිස් මුලස්ථානය සදහන් කළේ.
දැනට ක‍්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම පියවර ගෙන තිබෙනවා.