News Line| Off Air| Games
Generic placeholder image

Oct
4

ගෝඨාභයගේ පුරවැසිභාව පිළිබද ගොනු කල පෙත්සම අද 03වන දිනටත් සලකා බලයි

368 Views


ගෝඨාභයගේ  පුරවැසිභාව පිළිබද ගොනු කල පෙත්සම අද 03වන දිනටත් සලකා බලයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම අද අභියාචනාධිකරණ හමුවේ තුන් වන දිනටත් සලකා බැලීමට නියමිතයි.
ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේයි.
පෙත්සය ඊයේ කැදවු අවස්ථාවේ දී තුන්වන වගඋත්තරකරු ලෙස නම් කර සිටින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා.
ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ජනාධිපතිවරයාට විධායක බලතල පැවරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බවයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලන බලය පැවරී තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලය වෙත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ජනාධිපතිවරයා අමාත්‍ය මන්ඩලයේ සහ රජයේ ප‍්‍රධානියා පමණක් බව සඳහන් කලා.
ඒ අනුව රාජ්‍ය පාලනය අමාත්‍ය මණ්ඩලය විසින් මෙහෙයවිය යුතු බවත් ඒ ඒ අමාත්‍යංශවල විෂය පථය එම අමාත්‍යංශය භාර අමාත්‍යවරු විසින් ඉටුකිරීම ව්‍යස්ථාපිත අවශ්‍යතාවක් බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව යම් අමාත්‍යවරයකුගේ විෂය පථයට සම්බන්ධ වන කරුණු ඉටු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැති බවද ජනාධිපති නීතීඥ චානක ද සිල්වා මහතා සදහන් කලේ.
ඉන් අනතුරුවගා්ඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක බලතල ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළා.
ජනාධිපතිවරයා යනු ඍජුවම මහජන ඡුන්දයෙන් තේරී පත්වෙන අයෙකු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කලේ ු ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන්නේ මහජනතාව විසින් පවරා දුන් විධායක බලතල බවයි.


News Articles
Latest Videos
Most Popular Post