News Line| Off Air
Generic placeholder image

Oct
4

තැපැලත් රජයෙන් ඉල්ලීමක් කරයි

494 Views


තැපැලත් රජයෙන් ඉල්ලීමක් කරයි

තැපැල් කාරයාලවල අක‍්‍රීය වී ඇති පරිගණක පද්ධති යාවත්කාලීන කිරීම සදහා වහා මැදිහත් වන ලෙස ලංකා තැපැල් සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
තැපැල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් සදහන් කළේ ප‍්‍රධාන තැපැල් කර්යාල හා තැපැල් පාලන කාර්යාල ඇතුළු ගිණුම් කාර්යාල තුළ පවතින පරිගණක ජාල දින 6 ක සිට අක‍්‍රීයව පවතින බවයි.
මේ හේතුවෙන් විද්‍යුත් මුදල් ඇණවුම්, ජල බිල්පත්, විදුලි බිල්පත්, රක්ෂණ, ජාතික ඉතිරි කිරීම් විශ‍්‍රාම ගෙවීම් ඇතුලූ සේවා අක‍්‍රීය වී තිබෙනවා.
මෙලෙස පරිගණක පද්ධති එක වර අක‍්‍රීය වීම ගැටලූ සහගත බවයි තපැල් සේවා සංගමය සදහන් කලේ
එබැවින් වහා එම පරිගණක පද්ධති යථා තත්වයට පත් කරන ලෙස තැපැල් සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා
මෙම තත්වය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල වල විදෙස් තැපැල් සේවා කටයුතුද ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post