ඉන්දියාවේ මධ්‍යම රෙවා නගරයේ තිබූ මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනේ බාපු භවාන් අනුස්මරණ මධ්‍යස්ථානයේ යි.
ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය යෙදී තිබුණු ඊයේ දිනයේ දී මෙම සොරකම සිදුව තිබුණා. මෙම අළු සහිත බඳුන එම අනුස්මරණ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුනේ මහත්මා ගාන්ධිතුමා ඝාතනය කළ 1948 වර්ෂයේ සිටයි. 1948 වර්ෂයේ ජනවාරි මාසයේදී අන්තවාදීන් විසින් මහත්මා ගාන්ධිතුමා ඝාතනය කලා.