News Line| Off Air
Generic placeholder image

Oct
4

කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් ඡන්දය අවලංගු වෙයි

997 Views


කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් ඡන්දය අවලංගු වෙයි

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළා.

ඡන්දය ප්‍රකාශ කිරිමේදී සාම්ප්‍රදායිකව කතිරය භාවිත කළ හැකි නමුත් කතිරය භාවිත කිරීමෙන් පසුව අංක යොදුව හොත් එය අවලංගු ඡන්දයක් බවට පත්වන බව ඔහු පැවසුවා.

ඒ අනුව ඉලක්කම් යොදන්නේ නැත්නම් කතිරය පමණක් භාවිත කිරීම ප්‍රමාණවත් බව ඔහු සදහන් කළා.

එසේම අපේක්ෂකයන් වෙනුවෙන් තම කැමැත්ත අනුව අංක 01, අංක 02, අංක 03 ලෙස අංක යෙදිය හැකි බවද ඔහු ප්‍රකාශ කළ අතර එය වලංගු ඡන්දයක් බවට ගණනය කරන බවත් ඔහු ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post