News Line| Off Air
Generic placeholder image

Oct
4

සියත අපේ ලෝක ළමා දින සැමරුම හෙට

2633 Views


සියත අපේ ලෝක ළමා දින සැමරුම හෙට

දෙහිවල සත්වොද්‍යානය සහ සියත TV, සියත FM එකතුව සංවිධානය කරන්නා වූ ලෝක ළමා දින සැමරුම හෙට දිනය පුරා දෙහිවල සත්වොද්‍යානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

හෙට උදෑසන 8.00 මෙය ආරම්භ කරන අතර අවුරුදු 12 ට අඩු පොඩිත්තන්ට නොමිලේ ඇතුළුවිය හැකියි.

කුරුළු සංදර්ශන, මුහුදු සිංහ සංදර්ශන සහ අලි සංදර්ශන, චිත‍්‍ර තරග, ගායන සහ නිවේදන තරග ඇතුළු පොඩිත්තන්ට විනෝද විය හැකි කී‍්‍රඩා සහ විනෝදාත්මක වැඩසටහන් රැසක් හෙට දිනය පුරා පැවැත්වීමට නියමිතයි.

සත්තු බලන්න, තරග කරන්න, විනෝද වන්න, තෑගි දිනන්න හෙට දිනයේ දෙහිවල ජාතික සත්වොද්‍යානයට පැමිණෙන ලෙස පොඩිහිටි ලොකුහිටි සැමට සියත අපි ආරාධනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post