News Line| Off Air
Generic placeholder image

Oct
7

ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මංගල රැළි

623 Views


ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ මංගල රැළි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරිමේ පළමු ප‍්‍රචාරක රැළි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය ඔක්තොම්බර් 09 වන දින අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නියෝජනය කරන සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය ඔක්තොම්බර් 10 ගෝල්ෆේස්හීදි පැවැත්වෙනු ඇත.

එමෙන්ම ජාතික ජන බලවේගයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය ඔක්තොම්බර් 08 වන දින තඹුත්තේගම නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post