News Line| Off Air
Generic placeholder image

Oct
7

නාවලපිටිය වැසි ජලයෙන් යටවෙයි

558 Views


නාවලපිටිය වැසි ජලයෙන් යටවෙයි

මධ්‍යම කඳුකරයට අද (07) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති වී තිබෙනවා.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබු බව සදහන්.

වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි වන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post