News Line| Off Air
Generic placeholder image

Oct
8

නිදහස් පක්ෂයේ තීන්දුව දින කිහිපයකින්

454 Views


නිදහස් පක්ෂයේ තීන්දුව දින කිහිපයකින්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයින් / ආසන සංවිධායකවරුන් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡුාවක් ඊයේ රාත‍්‍රීයේ පවත්වා තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡුා කළ බවයි එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සිය ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ.
ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ප‍්‍රකාශය කිරීමට කාලය අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා
මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැවත සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පසුගිය 05 වනදා පෙරවරු 11 ට ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබුණද එය ඊයේ දිනය දක්වා කල් තැබුණා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳ අවසන් තීන්දුව ගැනීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැවරීමට තීරණය කෙරුනේ පසුගිය 5 වනදා රැුස්වු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දීයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැුස්වීම පසුගිය 5 වනදා රාත‍්‍රීයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදීයි පැවැත්වුණා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡුා කල බවයි පක්ෂයේ නියෝජිතයින් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post