News Line| Off Air
Generic placeholder image

Oct
8

ඌව පලාත් සභා නිල කාලය අදින් අවසන්

844 Views


ඌව පලාත් සභා නිල කාලය අදින් අවසන්

ඌව පළාත් සභාවේ නිළ කාලය අද මධ්‍යම රාත‍්‍රී 12 00 න් අවසන් වීමට නියමිතයි.
පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව මහ ඇමැතිවරයා / ඇමතිවරු සහ මන්ත‍්‍රීවරු 34 දෙනාගේ බලතල සියල්ලම ආණ්ඩුකාරවරයාට ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ඌව පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ් බදුල්ල ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පලාත් සභාවේ කාලය අවසන් විමෙන් අනතුරුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි රථ වාහන හා නිල නිවාස පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා වෙත භාර දියයුතු බව පලාත් ආණ්ඩුකාරවරයා දැනුම්දී තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරණයට පෙර ඌව පලාතේ උපාධිධාරීන් 472 දෙනෙකුට පත්වීම් ලබාදීමටද තීරණය කර ඇති බවයි පලාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මසහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post