News Line| Off Air
Generic placeholder image

Oct
8

ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම ලබන 30, 31 දිනයන්හි

562 Views


ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම ලබන 30, 31 දිනයන්හි

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.
011 2 868 212 / 011 2 868 214 හෝ 011 2 868 217 යන දුරකථන අංක වලට ඒ සම්බන්ධ තොරතුරු දැනුම්දිය හැකියිි.
මැතිවරණයට අදාලව පෝස්ටර් බැනර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීම හා පුද්ගල හෝ රථවාහන පෙලපාලි යාම තහනම් කර තිබෙනවා.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සඳහන් වන විධි විධාන අනුව, ඊයේ සිට පෝස්ටර්, බැනර් හා කටවුට් ආදිය ප‍්‍රදර්ශනය තහනම් බවයි පොලීසිය සදහන් කලේ.
පුද්ගල හා රථවාහන පෙළපාලි යෑම දිවයිනටම තහනම් අතර නීති විරෝධි ක‍්‍රියා සිදුවන ආකාරය වීඩියෝ ගත කිරීමට නියමිතයි.
පසුව එම වීඩියෝ පට අදාළ කර ගනිමින් නීතිමය කටයුතු සිදු වනු ඇති.
07 වන විධායක ජනාධිපති තෝරාපත් කර ගැනීමේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඊයේ නාම යෝජනා භාර දුන්නා
ඊට පිළිගත් දේශපාලන පක්ෂ 18 ක් / වෙනත් පක්ෂ 02 ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇතුලත්.
මෙරට ජනාධිපතිවරණයක් සදහා හිටපු ජනාධිපතිවරයෙකු අගමැතිවරයෙකු හෝ විපක්ෂ නායකවරයෙකු තරග නොකරන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපති පුත‍්‍රයෙකු තරග කරන පළමු අවස්ථාව ද මෙය වනවා.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති.
ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post