ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ආදර්ශ ඡන්ද පති්රකාව මේ වන විට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙවර ඡන්ද පති්රකාවේ සම්පූර්ණ දිග අගල් 26 ක් පමණ වන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. මෙවර ජනපතිවරණය සදහා අපේක්ෂකයින් වැඩි ප්රමාණයක් තරග වදින නිසාවෙන් මෙවර ජන්ද දායකයින්ට වඩා දිග ජන්ද පත්රිකාවක් සිය ජන්දය භාවිතා කිරීම සදහා හිමිවෙනවා.
මේ නිසාවෙන්ම ඡන්ද පෙට්ටියද විශාල කිරීමට හෝ වෙනස් කිරීමකට සිදුවන බවද නැතහොත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමටද සිදුවන බවද එම කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙනවා.