ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලියාපදිංචි ඡන්ද දායකයින් තැපෑලෙන් ඇමතීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ඕනෑම අපේක්ෂකයෙකුටම තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් එක ලිපියක් මඟින් සෑම ඡන්ද දායකයෙකුටම නොමිලේ යැවිය හැකි බවයි.
මෙම විශේෂ තැපෑල හරහා ජනාධිපතිවරණයට අදාළ ලිපි ලේඛණ යැවීමේ කටයුතු සිදු වනවා. මේ අතර අදට 145 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ නව තැපැල් ලාංජනය අද හදුන්වා දීමට නියමිතයි.