News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ඇල්පිටිය ජන්ද විමසීමට සියලු කටයුතු සුදානම්

612 Views


ඇල්පිටිය ජන්ද විමසීමට සියලු  කටයුතු  සුදානම්

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්. සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහා ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.
ජන්දය ප‍්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
මේ වන විට ඇල්පිටිය ප‍්‍රදේශයේ ඉතා සාමකාමී තත්වයක් පවතින බවයි සියත වාර්තාකරු ඞී ජේ විජේසිහ සදහන් කලේ.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම සිදු වුණේ පසුගිය මස 27 වනදායි. පොලිස් මූලස්ථානයේ නියෝග මත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ එය ක‍්‍රියාත්මකයි.
ජන්ද විමසීමට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා ඇල්පිටිය හා පිටිගල පොලිස් ස්ථාන වල මෙහෙයුම් මැදිරි දෙකක් ස්ථාපිත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post