News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

නුවර පෙරහැර බලන්න ගිහින් ඔබත් මේ පව කරගත්තද ?

1168 Views


නුවර පෙරහැර බලන්න ගිහින් ඔබත් මේ පව කරගත්තද ?

පහුගිය කාලෙ අපේ රටේ ජාතික ප්‍රශ්නයක් වෙලා තිබ්බේ කුණු. කුණු කන්දක් නාය ගිහින් ලොකු විනාසයකුත් වුණා මතක ඇතිනෙ. කුණු ප්‍රශ්නෙට එක එක විසඳුම් ගෙනාවත් තාම හරි විසඳුමක් ලබා ගන්නත් බැරි වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙත් තවත් කුණු කතාවක් ගැන.

පහුගිය සතිය පුරාවටම දළදා මාළිගාවේ පෙරහැර පැවැත් වුණ නිසා ලොකු සෙනඟක් මහනුවරට අවා. ඒ කාලය ඇතුලතදී මහනුවර නගර සිමාවේ විතරක් කුණු ටොන් 200 ක් එකතු වෙලා. පුදුම වෙන්න දෙයක් නෑ. රට වටෙන්ම ආපු සංචාරකයෝ මහනුවරට ඉතුරු කරලා ගියපු දේ තමයි ඒ. සාමාන්‍යයෙන් මහනුවර නගරයේ දවසකට කුණු ටොන් 120 ක් වගේ තමයි එකතු වෙන්නෙ. හැබැයි පෙරහැර කාලේ වැඩිපුර ටොන් 80 ක් විතර එකතු වෙලා තියෙනවලු. පෙරහැර බලන්න එන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනුව එකතු වෙන කුණු ප්‍රමාණය වෙනස් වෙනවා කියලයි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා කියන්නෙ. පෙරහැර කාලෙට මහනුවර නගරයේ තියෙන හෝටල් වලින් බැහැර කරන කුණු ප්‍රමාණයත් ටොන් 75 දක්වා වැඩි වෙලා තියෙනවා. කොහොම වුණත් පෙරහැරෙන් පස්සෙ මහනුවර පූජා නගරය එකම කුණු ගොඩක් වුණා.

පෙරහැර බලන්න ආපු ලංකාවෙ අය මහ මග කුණු දාලා යද්දි විදේශිකයො ඒ අය අරන් ආපු දේවල් හරි අපූරුවට අයෙත් අරගෙන ගියා. ඇත්තටම අපි ලැජ්ජා වෙන්න ඕන නේද මේ දේවල් දකිද්දි. මිට පස්සෙවත් යන යන තැන කුණු නොදා ඉන්න. නැත්තම් කොච්චර පිංකම් කරත් කුණු දාලා පරිසරයට කරන විනාශයෙන් වෙන පාපකර්මයෙන් නම් ගැලවෙන්න බැරි වෙයි. ආයෙත් හිතල බලන්න පෙරහැර බලන්න ගිය ඔබත් මේ පාපකර්මයට දායක වුනාද කියලා.


News Articles
Latest Videos
Most Popular Post