සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ඊයේ පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී පැවති තෙවැනි අවසන් 20යි 20 තරගයේදී ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ්රී ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත්වුණා.
ඒ අනුව මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස 20 යි 20 පූර්ණ තරගාවලි ජයක් හිමිකරගත් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද වාර්තා පොත් අලුත් කරමින් ඉතිහාසයට එක්වනවා. විශේෂයෙන්ම නවක නායකත්වයක් යටතේ සහ නවක යොවුන් කණ්ඩායමක් වශයෙන් මෙම තරගාවලිය ජය ගැනීම සුවිශේෂිත්වයක්.
තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ජයග්‍රහණය සැමරුවා. එහිදී ආගමික වතාවත් සිදු කරමින් ජයග්‍රාහී නායක දසුන් චානක ප්‍රකාශ කලේ 1996 දී ලෝක කුසලානය හිමිකරගත් මෙම ලාහෝර් ක්‍රීඩාංගනයේදීම අප නැවත වතාවක් ජයග්‍රාහී ගමන ආරම්භ කරමු යන්නයි.