News Line| Off Air
Generic placeholder image

Oct
11

ඇල්පිටියේ අවසන් ජන්ද ප්‍රථිපලය රාත්‍රී 10ට පෙර නිකුත් කල හැකි ලකුණු

609 Views


ඇල්පිටියේ අවසන්  ජන්ද ප්‍රථිපලය රාත්‍රී 10ට පෙර නිකුත් කල හැකි ලකුණු

සභිකයින් 28 දෙනකු තෝරා පත් කර ගැනීම සදහා පැවත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ජන්ද ප්‍රථිඵලය අද රාත්‍රී 10.00 වන විට නිකුත්කළ හැකි බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා පවසනවා.

ජන්දය ප‍්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ පහක සම්බන්ධ අපේක්ෂකයන් එකසිය පනස් පස් දෙනෙක් තරග වදිනු ඇති. ජන්ද වීමසීමේ දී කොට්ඨාස මට්ටමින් දාහත් දෙනකුද / අතිරේක ලැයිස්තුවෙන් එකොළොස්දෙනකු තෝරාගැනීමට නියමිතයි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම සිදු වුණේ පසුගිය මස 27 වනදායි. ඡන්ද ප‍්‍රථිඵල අදාළ ඡන්ද මධ්‍යස්ථාන තුළදීම නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
සියළු කොට්ඨාශ වල ප‍්‍රථිඵල ලැබුණු පසු ඇල්පිටිය කාර්මික විද්‍යාලයේදී ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් විසින් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලය නිකුත් කරනු ඇති.
පොලිස් මූලස්ථානයේ නියෝග මත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ එය ක‍්‍රියාත්මකයි.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්දයේ ඡන්ද විමසීමේ තොරතුරු සැණින් එසැණින් දැන ගැනීම සදහා සියත ටීවී, සියත නිවුස්,
සියත එෆ් එම් මෙන්ම සියත 24 අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.


News Articles
Latest Videos
Most Popular Post