News Line| Off Air
Generic placeholder image

Oct
11

අපි දෙන්නගේ වයස් පරතරය අවුරුදු 13 ක් – සුපිරි බොලිවුඩ් නළු ෂහීඩ් කපූර්

843 Views


අපි දෙන්නගේ වයස් පරතරය අවුරුදු 13 ක් – සුපිරි බොලිවුඩ් නළු ෂහීඩ් කපූර්

ෂාහිඩ් කපූර් බොලිවුඩය තුළ ජනප්‍රියව සිටින දක්ෂතා සපිරි නළුවෙක්. ඔහු නලුවෙක් පමණක් නොව ආදරණීය සැමියෙකු සහ පියෙකු ද වනවා. සිය රූමත් බිරිද මිරා රාජ්පුත්ට සහ දරුවන් දෙදෙනාට ඔහු තුළ ඇත්තේ දැඩි බැදීමක් බව නොදන්නා කෙනෙක් නැහැ.

“ජීවිතේ හැමදේම හොදින් සිදු වෙනකොට අපි ඒක අමතක කරලා මායාවන්වල ජීවත් වෙනවා.. එතකොට තමයි අපිත් දන්නෙ නැතුව හැමදේම විනාශ වෙලා යන්නේ.. ඇත්තටම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය, පවුල් ජීවිතය, සමාජ ජීවිතය සමබරව පවත්වාගෙන යන එක පහසු දෙයක් නෙමෙයි..

ඒ වෙනුවෙන් අපිට මුළු දවසම වෙහෙසිලා වැඩ කරන්න සිද්ධ වෙනවා..’’

ෂාහිඩ් කියයි.

‘‘කාගෙවත් හිත නොරිද්දා මේ බැදීම් පවත්වාගෙන යන්න වෙහෙසෙනකොට මට මාව මඟඇරෙන අවස්ථා බහුලයි.. සමහර වෙලාවට මගෙ බිරිද චෝදනා කරනවා මගේ ජීවිතයේ මූලිකත්වය ලැබෙන්නේ ඇයට නෙමෙයි කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි.. මට විවාහය දැනෙන්නෙ පොතක් වගේ.. ඒ ඇතුළේ ජීවිතය ගැන හැමදේම ලියැවිලා තියෙනවා.. මීරා කියන්නෙ එහි ප්‍රධාන චරිතය.. ඇය නැතුව අතුරු චරිත පවත්වාගෙන යන්න බෑ..’’ ඔහු පවසනවා.

පසුගිය වසර හතරක කාලය තුළ ඔහු තම ජීවිතයේ විශේෂ අවධි ගනණාවක් පසු කළා.ඔහු ඒ පිලිබද මෙලෙස අදහස් දක්වනවා.

‘‘මිරා හැම වෙලාවෙම අහන්නේ මම රගපාන චිත්‍රපටි අසාර්ථක වුණොත් එදායින් පස්සේ ජීවිතය මොන වගේ වෙයි ද කියලා.. මට හැම වෙලාවෙම හිතෙන්නෙ මගේ ශක්තිය මිරා කියලා.. මම කඩා වැටුණොත් මට නැගිටින්න ඇය අත දෙනවා කියන විශ්වාසය මට තියෙනවා.. ඒ හින්දා මට අනාගතය ගැන බයක් නෑ.. ඇත්තටම මිරා කියන්නෙ අදහන්න වටින චරිතයක්.. ඇය මාත් එක්ක විවාහ වුණේ අඩු වයසින්.. ඉක්මනින්ම ඇය මවකුත් වුණා.. ලාබාල වයසින් විවාහ වෙලා, දරුවො දෙන්නෙක් හදාවඩාගෙන, කාර්යබහුල සැමියෙක් එක්ක ජීවිතයට මුහුණ දෙන එක පහසු දෙයක් නෙමෙයි.. ඒත් මිරා ඒක කරනවා.. ඇගේ හීන, ඇය කැමති දේවල් හුගක් ඇති.. ඒත් ඇය ඒ හැමදේම කැප කරලා තියෙන්නේ විවාහ ජීවිතේ වෙනුවෙන්.. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු දහතුනක්.. ඒ හින්දම සිතුම්පැතුම් අතරේ සෑහෙන වෙනසක් තියෙනවා.. ඒත් එකතු වෙලා ජීවිතයේ හැමදේම බෙදාහදා ගන්නෙ කොයි විදියට ද කියලා අපි ඉගෙන ගනිමින් ඉන්නවා.. දරුවන්ගේ වගකීම් දරන්න, ප්‍රශ්නවලට මූණ දෙන්න තනියම බෑ.. ඒක දෙන්නම තේරුම් ගන්න ඕන.. දෙන්නා අතරේ හොද අවබෝධයක් නැති වුණොත් ජීවිතය අමිහිරි වෙනවා.. මම මේ කියන්නෙ අපි දෙන්නා සම්පූර්ණයෙන්ම එකිනෙකා අවබෝධ කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි.. සමහර වෙලාවට අපි දෙන්නගෙ හොදම යාළුවෝ අපි දෙන්නා.. සමහර අවස්ථාවල අපි නාදුනන්නන් වගේ වෙනවා.. මේක මට විතරක් නෙමෙයි හැම විවාහකයෙකුටම පොදු අත්දැකීමක්..’’

ඔහු නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ බිරිද මිරා, දියණිය මීසා සහ පුතු සේන් සමග වැඩි කාලයක් ගත කරන්නට බැව් සැවොම දන්නා කරුණක්. බොහෝ තැන්වලදී ඔවුන් සිව් දෙනා එකට දකින්නට ලැබෙන්නේ ඒ නිසාමයි.

 


News Articles
Latest Videos
Most Popular Post