News Line| Off Air
Generic placeholder image

Oct
11

කාළගුණයෙන් අනතුරු ඇගවීමක්

1336 Views


කාළගුණයෙන් අනතුරු ඇගවීමක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත්වලත් මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ක 80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකියි.

ඒ අනුව අකුණු ඇතිවන අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතු බවත් කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.

එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ජනතාවට දැනුම් දී තිබෙනවා.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post