News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

622 Views


අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව, දකුණ, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ත්, 100ත් අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ද පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post