News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී

645 Views


ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වූ සභිකයින්ගේ නම් ඉදිරියේදී දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා විසින් ගැසට් කිරීම සදහා යොමු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කළා.

කොට්ඨාශ ජයග‍්‍රහණය කළ සභිකයින් දාහත්දෙනාගේ නම් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී විසින් නම් කරන අතර අමතර ලැයිස්තුවෙන් තෝරා ගන්නා සභිකයින්ගේ නම් පක්ෂ ලේකම්වරුන් විසින් දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී වෙත එවිය යුතු වනවා.

එම නම් ලැයිස්තුව ලැබීමෙන් අනතුරුවයි ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා යොමු කරනු ලබන්නේ.

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ මංගල සභාවාරය පවත්වන දිනය පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැනුම් දෙනු ඇති අතර ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කිරීම බහුතර සභිකයන් සංඛාවක් හිමි පක්ෂයේ ලේකම්වරයා විසින් නම් කල යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post