ජපානයට බලපා ඇති හගීබීස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 90 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
ගංවතුර හා නායයෑම්වලට ගොදුරු වූ ජපානයේ මධ්‍යම, නැගෙනහිර සහ ඊසානදිග ප‍්‍රදේශ වල ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ටෝකියෝ හි හනෙදා ගුවන්තොටුපළ වසා දමා ඇති අතර සහ බුලට් දුම්රිය සේවා අත්හිටුවා තිබුණා.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ටෝකියෝ / ගුන්මා / සයිටමා / කනගවා / යමනෂි / නාගානෝ / ෂිසු ඕකා / නීගතා සහ ෆුකුෂිමා යන ප‍්‍රාන්ත සඳහා ඉහල මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
චිබා ප‍්‍රාන්තයේ නිවාස 110,000 කට පමණ විදුලිය ඇණහිට තිබෙනවා.
අද දිනය තුළ සුළි කුණාටුවෙන් එල්ලවන බලපෑම් අඩු වනු ඇති බවයි ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කළේ.