News Line| Off Air
Generic placeholder image

Oct
13

ජ පුර අධ්‍යන කටයුතු එළඹෙන සතියේ ආරම්භ වේ

664 Views


ජ පුර  අධ්‍යන කටයුතු එළඹෙන සතියේ ආරම්භ වේ

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර අද සිට සිසුන්ට විවෘත වනවා.
අධ්‍යන කටයුතු එළඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි ජයවර්ධපුර විශ්ව විද්‍යාලය සදහන් කළේ.
ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 15 දා සිට ආරම්භ වන අතර මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ විභාග ඔක්තෝබර් 16 වනදා සිට ආරම්භ වනු ඇති. සෙසු පීඨවල වල අධ්‍යයන කටයුතු සහ විභාග ආරම්භ කරන දින ඉදිරියේදී දැනුම් දෙන බවයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සදහන් කළේ.
සබරගමුව විශ්වවිද්‍යාලය එළඹෙන අඟහරුවාදා යළි විවෘත කිරීමට නියමිතයි. විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල අධ්‍යනය කටයුතු එදින ආරම්භ කෙරෙන බවයි විශ්ව විද්‍යාලය සදහන් කළේ. ඒ අනුව හෙට සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර විවෘත කිරීමට නියමිතයි.
විශ්ව විඉාල අනධ්‍යන හා පරිපාලන කාර්ය මණ්ඩලය දින 32 ක් සිදුකළ වැඩ වර්ජනය පසුගිය 11 වනදා අවසන් කළා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළෙ හෙට සිට සේවා කටයුතු සදහා එක් වන බවයි.
වැටුප් ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්ව විඉාල අනධ්‍යන හා පරිපාලන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් ආරම්භ කළේ පසුගිය මස 10 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post