ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක් වී විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවයි එම සන්ධානයේ ප‍්‍රකාශකයකු සදහන් කළේ.
සිය තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ජාවක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.
ඒ උතුරු පළාතේ ජනතාවගේ් ගැටළු සම්බන්ධයෙන් ඔහු දක්වන මතය පිළිබද විමසීම සඳහායි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මීට පෙරද දෙමළ ජාතික සන්ධානය අවස්ථා කිහිපයකදී සාකච්ඡ පැවැත්වුවා. කෙසේවෙතත් එම සාකච්ඡ අවසන් වූයේ එකගතාවකින් තොරවයි.
මීට පෙර දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමගද සාකච්ඡුාවක් පැවැත්වුවා.
මේ අතර ලංකා කම්කරු කොංග‍්‍රසය එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායකයින් ඊයේ පැවැත්වූ සාකච්ඡවේදීයි.