News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

වැලිකඩ නඩුව අද සිට

642 Views


වැලිකඩ නඩුව අද සිට

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අද සිට විභාගයට ගැනීමට නියමිතයි. නඩු විභාගය පැවැත්වෙන්නේ ගිහාන් කුලතුංග /ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි.
2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් අට දෙනකු ඝාතනය කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණ. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිවයි.
ඝාතනය සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
සිද්ධියේදී මරණයට පත් රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා වල සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post