ගැටලුවක්ව පැවති යාපනය ප්‍රදේශයේ දුගී ජනතාවගේ ප්‍රවාහන ගැටළුවලට විසදුමක් වශයෙන් සුඛෝපභෝගී නෞකා සේවාවක් හදුන්වා දී තිබෙනවා. ඒ , උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින්ය.
මෙම මගී නෞකාව සදහා රජය රුපියල් මිලියන 137 ක මුදලක් ආයෝජනය කර තිබෙනවා. එකවර නෞකාව තුළ මගීන් 100 කට පහසුවෙන් ගමන් කළ හැකි අතර යාපනය කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් වල වෙසෙන ජනතාවගේ දෛනික ගමනාගමනයට පහසුකම් හිමිවෙනවා.