News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් ගැන ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

655 Views


ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් ගැන ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

2019 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.7ක් ලෙස පැවැතියත් 2020දී ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 3.3ක් දක්වාත් 2021 දී ආර්ථික වර්ධනය 3.7ක් දක්වාත් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා.

2019 වසරේදී ශ්‍රී ලංකාව 2.7 ආර්ථික වර්ධනයක් අත්කර ගත්තත් පාස්කු ප්‍රහාරයෙන් පසුව හා දේශපාලන අර්බුද වලින් පසුව නැවතත් ආයෝජන යථා තත්ත්වයට පත්වීම, අපනයන වර්ධනය වීම හරහා මෙසේ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් ඇතිවිය හැකි බව ලෝක බැංකුව ප්‍රකාශ කළා.

මේ වසරේ ආර්ථික වර්ධනයන් තුළින් දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. මේ වසරේදී දකුණු ආසියාවේ ඉහළම ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සමත්ව ඇත්තේ බංග්ලාදේශය වන අතර එය 8.1 ක්.

දකුණු ආසියාව පිළිබඳව ඔවුන්ගේ නවතම වාර්තාවක මේ බව දැක්වෙනවා.

සමස්තයක් ලෙස දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය මේ වසරේදී පහළ යනු ඇති බවත් ලෝක බැංකුව සඳහන් කරන අතර මේ වසර අවසන් වන දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය සියයට 5.9ක් දක්වා පහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post