News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

අත්අඩංගුවට ගත් එල්.ටී.ටී සාමාජිකයාගෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය

705 Views


අත්අඩංගුවට ගත් එල්.ටී.ටී සාමාජිකයාගෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය

සේරුනුවරදී අත්අඩංගුවට ගත් හිටපු LTTE සමාජිකයකයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරු මත කිලෝ 15 ක් බරැති පැති බෝම්බ 02 ක් සොයා ගෙන තිබෙනවා.

යාපනය කොණ්ඩාවිල් වරණි ප‍්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එම බෝම්බ සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

කිළිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු පසුගිය 12 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ සේරුනුවර කිළවෙඞ්ඩි පාලම අසළදීයි.

එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් යුධ හමුදා භාරයට ගෙන තිබුණා.

පසුව ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී හෙළිවු තොරතුරු මත නිවසේ සගවා තිබු අවි ආයුධ තොගයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්බෝම්බ 5 ක් / සී ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය / මිලි මීටර් 9 වර්ගයේ සජීව පරොම් 62 ක් / මිලිමීටර් 7 වර්ගයේ සජීව පතරොම් 09 ක් / ටී 56 ගිනි අවියක් හා එම අවියට යොදන පතරොම් 154 ක් දුර වදින අර්ධ ස්වයංක‍්‍රීය රයිෆලයක් / මැගසිනයක් / ඛඔඔෑ නායක ප‍්‍රභාකරන්ගේ රුව ඇතුලත් කමිස 04 ක් ඇතුලූ උපකණ තොගයක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබුණා.

සැකකරුගේ 23 හැවිරිදි බිරිද සහ 28 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරු සහ සැකකාරියන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post