News Line| Off Air
Generic placeholder image

Oct
14

ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර් රථ දඩ කොළය වෙනස් වෙයි

1321 Views


ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර් රථ දඩ කොළය වෙනස් වෙයි

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන දඩ කොළය හෙවත් රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා පවසනවා.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් මේ සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා සිදු කෙරුණු අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ 1951 වසරේදී හඳුන්වා දුන් මෙරට මෝටර් රථ වීදි දඩ කොළය මේ වනතෙක් සටහන් වූයේ එක් භාෂාවකින් පමණක් බවයි.

විශේෂයෙන් උතුරේ පොලිස් නිලධාරීන් දඩ කොළය සිංහලෙන් ලියූ විට දඩකොළය ලබා ගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීමේදී දැඩි අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වු බවත් අධිකරණ කටයුතු වලදීද ඔවුන්ට අපහසුතාවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් ඒ මහතා සදහන් කළා.

දීර්ඝකාලීන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් යුත් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ සිදු කරන වැරදි අංකගත කර සිදු කළ වරද අංකයක් ආකාරයට දැක්වීම මෙහි විශේෂත්වයක්.

එමෙන්ම අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හඳුනා ගත හැකි වන බවටත් මෙය ප්‍රජාතන්ත්‍ර අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවද උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post