News Line| Off Air
Generic placeholder image

Oct
14

ගෝඨාභය රාජපක්ෂ රට සුරක්ෂිත කරන බවට සහතික වෙයි

634 Views


ගෝඨාභය රාජපක්ෂ රට සුරක්ෂිත කරන බවට සහතික වෙයි

වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත්, තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අද පෙරවරුවේ මහව දිගන ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ආසන රැස්වීමද අද පස්වරුවේ නිකවැරටිය සතිපොළ භූමියේදී පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post