ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 5ක් පමණ දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම් / ෆෙම්බෝසා නිරීක්ෂණ කණ්ඩායම මෙන්ම දකුණු කොරියාවේ වෙබ් නිරීක්ෂණ කණ්ඩායමට මැතිවරණ කොමිසමෙන් ආරධනා කර ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම යනුවෙන් හදුන්වන්නේ දකුණු ආසියාවේ මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින්ගෙන් සැදුම් ලත් නිරීක්ෂණ කණ්ඩායමයි.
සිවිල් සංවිධාන නියෝජනය කරන ඇන්ෆල් ආයතනය ද ජනාධිපතිවරණය නිරීක්ෂණ සඳහා එක්වන අතර ඔවුන් පැෆරල් සංවිධානය හා එක්ව කටයුතු කරන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
ජනාධිපතිවරණයේ මූලික නිරීක්ෂණ කටයුතු සඳහා ඇන්ෆල් ආයතනයේ නිරීක්ෂකයින් සිව් දෙනෙකු පැමිණි බව ඔහු ප‍්‍රකාශ කළා.
එම නියෝජිතයින් ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අතර දස දෙනෙකුගෙන් යුත් නිරීක්ෂන කණ්ඩායමක් ලබන 20 වනදා යළි පැමිණීමට නියමිතයි.
එම සංවිධානයේ තවත් නියෝජිතයින් 25 දෙනෙකු ජනාධිපතිවරණයට දින 10 කට පෙර මෙරට ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වනු ඇති
පැෆරල් සංවිධානය මේ වන විට ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා 160 දෙනෙකු යොදවා තිබෙනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සියත ප‍්‍රවෘත්ති වෙත වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණ දිනයේදී 6 000 පිරිසක් නිරීක්ෂණ කටයුතු සඳහා එක් කිරීමට බලාපොරොත්තු වන බවයි. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡුන්ද විමසීම ලබන 30 සහ 31 යන දින වලදී සිදු කෙරෙනු ඇති.
ජනාධිපතිවරණය ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිතයි.