News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

18 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරයි

723 Views


18 වනදා තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරයි

2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධව අදාළ කටයුතු මේ වන විට සංවිධානය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරිම අද (15) දින සිදු කරන අතර, තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට බාර දීම 2019.10.18 වන දින සිදු කරනු ලබනවා.

ඒ අනුව රාජ්‍ය ආයතනවල හා හමුදාවන්හි තැපැල් ඡන්ද සලකුණු කිරීම 2019.10.31 සහ 2019.11.01 වන දිනයන්හි දී සිදු කිරිමට නියමිත අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලීසිය යන ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 2019.11.04 වන දින සිදු කිරීමට නියමිතයි.

මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන නිලධාරීන් සඳහා 2019.11.07 වන දින තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථා සලසා තිබෙනවා.

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාර දීම මෙම මස 25 දින සිදුකිරීමට නියමිතයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ විශේෂ දිනය ලෙස 2019.11.03 වන දින කටයුතු සිදු කරෙන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම 2019.11.09 වන දිනෙන් අවසන් වනවා.

2019.11.09 දිනයෙන් පසුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබු තැපැල් ඡන්ද දායකයෙකුට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම්පත ලබා ගත හැකි බවද කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post