News Line| Off Air
Generic placeholder image

Oct
17

යාපනය ජාත්‍යන්තර ගුවන් තොට අද ජනතා අයිතියට

551 Views


යාපනය ජාත්‍යන්තර ගුවන් තොට අද ජනතා අයිතියට

” පලාලි ගුවන්තොටුපොළ ” යාපනය ජාත්‍යන්තර ගුවන්තොට‘ වශයෙන් විවෘත කිරීම අද විවෘත කිරීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ් ප‍්‍රධානත්වයෙන්.
ගුවන් තොටුපල විවෘත කිරීමත් සමඟම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කළේ.
ප‍්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන් සමාගමේ ගුවන් යානයක් චෙන්නායි සිට එරට ගුවන් නිළධාරීන් ද සමඟ පෙරවරු 10.00 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.
යාපනය- චෙන්නායි අතර වාණිජ ගුවන් ගමන් ඔක්තෝබර් 24 දා සිට ආරම්භ කෙරෙන අතර සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
වරකට මඟින් 70 කට ගමන් කළ හැකි ගුවන් යානා මේ සඳහා යොදවන බවයි එලායන්ස් එයාර් ගුවන් සමාගම සඳහන් කළේ.
පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සඳහා එහි ධාවන පථය මීටර් 950 සිට මීටර් 1,400 දක්වා දීර්ඝ කර තිබෙනවා.
නවතම ගුවන්තොටුපොළ සඳහා පර්යන්ත ගොඩනැඟිල්ලක් / ගුවන් ගමන් පාලන මැදිරියක් / ගිණි නිවන ඒකකයක් සහ කාර්යයාල ගොඩනැඟිලි සංකීර්ණයක් ද ඉදිකර ඇති බවයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කළේ.
ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් බිලියන 1,950 ක් ද, ඉන්දීය රජය විසින් රුපියල් බිලියන 300 ක් ද වැය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post