News Line| Off Air
Generic placeholder image

Oct
17

2019 T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 07 ක් වෙන්දේසි වෙයි

5557 Views


2019 T10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 07 ක් වෙන්දේසි වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වෙන පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ අනුව ඊයේ පැවති ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියෙදී මෙලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙක් පහත කණ්ඩායම් වලට වෙන්දේසියට ලක් වුණා.
එනම්,

ලසිත් මාලිංග – Maratha Arabians

දසුන් ශානක – Maratha Arabians

වනිඳු හසරංග – Maratha Arabians

භානුක රාජපක්ෂ – Deccan Gladiators

නිරෝෂන් දික්වැල්ල – Team Abudhabi

තිසර පෙරේරා – Bangla Tigers

කුසල් ජනිත් පෙරේරා – Delhi Bulls යන ක්‍රීඩකයින්ය.

මෙම 2019 T10 League තරගාවලිය කණ්ඩායම් අටක සහභාගීත්වයෙන් නොවැම්බර් 14 වැනිදා සිට නොවැම්බර් 24 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post